සහෝදර රෝහණ විජේවීර මහතා පිළිබඳව පක්ෂයේ ගරු මහා ලේකම් එස්.සුබයිර්දීන් මැතිතුමාගේ මතකයෙන් බිඳක්.

March 14th, 2017, by

14.03.2017                                                        

සහෝදර රෝහණ විජේවීර

සමාජ නීතියට කැපවූ ආදර්ශමත් පුරවැසියා

මා පසුගිය දින කිහිපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයට ගිය අවස්ථාවේදී සහෝදර රෝහණ විජේවීර මහතාගේ ජායාරූපයක් දැකීමෙන් මා සිත පුබුදු වූ අතර මට අතීත සිදුවීමක් පිළිබඳව සිහි විය. එනම් වර්ෂ 1970 දී මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකුව සිටියදී එතුමාගේ සිංහල දේශනය දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමේ අවස්ථාව මට හිමි විය. මෙය එම විශ්වවිද්‍යාලයේ ජේම්ස් පීරිස් ශාලාවේදී අවස්ථා කිහිපයකදී සිදුවිය. එම සිතුවිල්ල සමගින් මට සිහි වුයේ මත්පැන් විරෝධී ,  ස්ත්‍රී දුෂණයට එරෙහි,අල්ලස පිළිකෙව් කළ  එතුමාගේ අවංක නිර්භීත ප්‍රතිපත්තිගරුක සටන්කාමී නායකත්වයි.  එතුමා තම ප්‍රතිපත්ති අතහැර එකළ පැවති රජය සමග එක්වුවා නම් එතුමාට සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නට හැකියාව තිබුණි .එනමුත් තම ප්‍රතිපත්තිය තරයේ පිළිපදින අවංක නිර්භීත නායකයකු ලෙසින් ජීවිතයේ අවසන් හුස්මපොද වාතලයට මුසුකරන තෙක් තම ප්‍රතිපත්තියෙහිම  ගමන්කරමින් එම ප්‍රතිපත්තියටම ජීවිතය පුදකළ එකම ශ්‍රී ලාංකික දේශපාලන නායකයා  ඔහු බව මා සාඩම්බරයෙන් පවසමි. එතුමාගේ ප්‍රතිපත්ති සමහරු අතහැර ගියත් අදටත් අවංකව චාම් ජීවිතයක් ගත කරන , ජාතිභේදයෙන් තොරව සැමට සාධාරණය ඉටු කිරීමට වෑයම් කර සටන් කරන ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් ජීවත්ව සිටින බව කීමට මා සාඩම්බර වෙමි.

එස්.සුබයිර්දීන්.

මහා ලේකම්

අහිල ඉලංගෙයි මක්කල් කොංග්‍රසය