පක්ෂ නායක ඇමති රිෂාඩ් විසින් පැල ලක්ෂයක් සිටුවීමේ වැඩපිළිවෙලක් අරඹයි

ACMC news
3
0
sample-ad

යුද්ධයෙන් පසු අවතැන්වූ ජනතාව  නැවත පදිංචි කළ මරිච්චකට්ටි, නාවක්කුලි, සිලාවතුර, කරඩික්කුලි, පාලක්කුලි, කොඩ්ඩච්චි යන ගම්මානයන් හි පැල ලක්ෂයක් සිටුවීමේ මහඟු කර්තව්‍ය පසුගියදා පක්ෂ නායක සහ  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මේ ප්‍රදේශයන් හි මාර්ගය දෙපස හමුදාව විසින් යුධමය හේතූන් නිසා එළි පෙහෙළි කර තිබු අතර  යුද්ධය අවසන්වීමෙන් පසු  මාර්ගය දෙපස යළි පදිංචිකිරීම් සිදුවූ බැවින් එහිදී වන විනාශයක් සිදුව ඇතැයි පරිසර සංවිධානවලින් චෝදනා එල්ල විය.

අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මැතිතුමා  පවසන්නේ කොටි ප්‍රහාරයට බියෙන් පැය කිහිපයක් ඇතුළත මේ ප්‍රදේශයේ ජනතාවට ඉවත්වන්නට සිදුවූයේ 1990 වර්ෂයේ දී බවයි. යළි යුද්ධය අවසන් වනවිට එම ප්‍රදේශ වනයෙන් වැසීගොස් තිබූ අතර  පැරණි ගොඩනැගිලි සියල්ල විනාශ වී තිබූ බැවින් රජය විසින් හඳුනාගත් ප්‍රදේශයන් හි ජනතාව නැවත පදිංචි කරවනු ලැබීය. පැල සිටුවීමේ ව්‍යාපෘතිය මරිච්චකට්ටි පැරණි පල්ලිය අසළින් ආරම්භ කළ අතර මුල් අදියර ලෙස පැල 3000ක් සිටුවනු ලැබීය.

පක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කරන ලදී.

“මේ ස්ථානයේ පදිංචිවී සිටින්නේ යුද්ධය  නිසා ඇඳගෙන හිටපු ඇඳුම්ටික විතරක් ඉතිරි වෙද්දී අනිත් සියලු දේ අහිමි වූ ජනතාව. එම වැසියන් යුද්ධයෙන් පස්සේ නැවත පදිංචි වනවිට රජයක් ලෙස උදව් කළ යුතුයි. එසේ නැතිව ජාතිවාදී ආකල්ප අනුව මේ අය විවේචනය කරලා වැඩක් නැහැ. මේ ජනතාවට උදව් කරන්න ජාති ආගම් බේද පැත්තකින් තියලා හැමෝම එකතුවෙන්න ඕන. අද අපි පැල 3000ක් සිටුවා පටන් ගත් මේ ව්‍යාපෘතිය පැල ලක්ෂයක් දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අයගේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් අපි ඉක්මණින් පියවර ගත යුතුයි “

Facebook Comments

POST A COMMENT.